Sunday, June 28, 2015

Hack – 01 මිනිසුන්ගේ හදවත් hack කිරීම.



සමාජය තුල සුවසේ ජීවත් වෙන්න , සෑම තැනකදීම ඔබේ කාර්යයන් ඉක්මනින් පහසුවෙන් ඉටුකර ගන්න ඕන නම්  කළයුතු හොදම දේ හැකිතරම් මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමයි. අපි ජීවත්වන්නේ කුඩා රටක බව අමතක නොකරන්න. කාටත් කවුරුත් වුවමනාබව අමතක නොකරන්න. පාර තොටේදි, බස් එකේදි මුණ ගැහෙන මිනිසුන් සමඟ සුහදත්වයෙන් සිනාවන්න. හැකි තරම් මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්න.


ඔබ ඇතිකර ගන්නා සම්බන්ධතා ඔබට හෝ ඔබට සම්බන්ධ අයෙකුට අනාගතයේ දිනක වැදගත් වනවා නොඅනුමානයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

නන්නත්තාර වන සමාජයේ ගැලවීමට මඟ.....


ශ්‍රී ලාංකීය සමාජයේ නවමු දිශානතිය දර්ශනය කිරීම වනාහි අම්බානට බීමට සිදුවන ප්‍රශ්නයකි. (වතුර)

හෙහ්..... හිතන් ඇති මම ත් හෙන පොල් (රු. 50.00) ටෝක් එකක් දීල වැඩේ පටන් ගනී කියල නේ...?


දැක්ම.

සමාජ දිශානතිය වෙනස් කිරීම.

මෙහෙවර

ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය නවමු මගකට ගැනීම සදහා සමාජය තුලින්ම එහි වෙසෙන ජනයාගෙන්ම ස්ථිරසාර විසඳුම් සෙවීම, එම විසඳුම් සමාජ අභ්‍යන්තරය වෙතට ස්ම්ප්‍රේෂණය කිරීම.

හැදින්වීම


හිට්ලර් මෙහෙම කියල තියෙනව : "ඔබට රටක, සමාජයක පවතින තත්වය නැතහොත් පද්ධතිය වෙනස් කිරීමට අවශ්‍යනම් එම රටේ හෝ සමාජයේ දැනට පවතින තත්වයන්ට බැනීම හෝ දෝශාරෝපනය කිරීමෙන් පලක් නොවේ. කළ යුත්තේ පළමුව පද්ධතියේ පවත්නා තත්වයන්ට හැඩගැසීමත් ඉන්පසු එම පද්ධතියේ ඉහළම ස්ථානය වෙත පැමිණීමත් අනතුරුව ඔබට අවශ්‍ය පරිදි පද්ධතිය වෙනස් කිරීමත් කළ යුතුයි" කියල. ලෝකයට නරකක් කළත් හිට්ලර් තම පද්ධතිය වෙනස් කිරීම අති සාර්ථකව ඉටු කෙරුව.

මේ blog එක ඔබට හිට්ලර් කෙනෙකු වීමට සඳහා කිසිදු විටෙක උපදෙස් ලබා නොදෙන අතර සමාජයේ යහපැවැත්ම පවත්වාගෙන යාම සදහා ඔබව දැනුවත් කිරීම පමණක් සිදු කරනු ලැබේ.