සමාජය තුල සුවසේ ජීවත් වෙන්න , සෑම තැනකදීම ඔබේ කාර්යයන්
ඉක්මනින් පහසුවෙන් ඉටුකර ගන්න ඕන නම් කළයුතු හොදම දේ හැකිතරම් මිනිසුන් සමඟ සම්බන්ධතා
ගොඩනඟා ගැනීමයි. අපි ජීවත්වන්නේ කුඩා රටක බව අමතක නොකරන්න. කාටත් කවුරුත් වුවමනාබව
අමතක නොකරන්න. පාර තොටේදි, බස් එකේදි මුණ ගැහෙන මිනිසුන් සමඟ සුහදත්වයෙන් සිනාවන්න.
හැකි තරම් මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්න.
ඔබ ඇතිකර ගන්නා සම්බන්ධතා ඔබට හෝ ඔබට සම්බන්ධ
අයෙකුට අනාගතයේ දිනක වැදගත් වනවා නොඅනුමානයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

No comments:
Post a Comment